Rasa Madura

Showing posts with label චීන ආහාර වට්ටෝරු. Show all posts
Showing posts with label චීන ආහාර වට්ටෝරු. Show all posts
වෙජිටබල් චොප්සි 



අවශ්‍ය ද්‍රව්‍ය 

බටර් හෝ තෙල් තේ හැදී 1 1/2

කැරට් 1ක් (දිග අතට කපාගත් )

බෝංචි 5ක්

සුදුළුණු බික් 2ක් (සිහින්ව කපාගන්න)CHOPPED

බෙල් පේප (කොළ පාට)  1

බෙල් පේප (රතු පාට)  1

මෂ් රුම් 40g

කුකුල් මස් තම්බා ගත් වතුර (STOCK)හෝ වතුර 100ML

ලුනු කුඩු ( අවශ්‍ය ප්‍රමාණයට)

ගම්මිරිස් ( අවශ්‍ය ප්‍රමාණයට)

සෝයා සෝස් තේ හැදී 1/2

ඔයිස්ට සෝස් තේ හැදී 1/2

තල තෙල් තේ හැදී 1/2

ගෝවා කැබැල්ලක් 

බඩඉරිගු පිටි (CORN FLOUR )



සාදාගන්නා ක්‍රමය

බදුනක්  ගෙන එයට බටර් හෝ තෙල් දා රත් කර සුදුළුනු,B ළුණු එකතු කර රන් වන් පැහැය වූ විට කපා ගත් එළවළු එක් කර  විනාඩි 2 ක් පමණ පිසගන්න.ඉන් පසු සෝයා සෝස්,ඔයිස්ට සෝස් ,වතුර හෝ ස්ටොක්  
(stock), අවශ්‍ය ප්‍රමාණයට ලුනු,ගම්මිරිස් එක් කර විනාඩි 4 ක් පමණ තබන්න.පසුව දිය කර ගත්  බඩඉරිගු පිටි (CORN FLOUR )එකතු කර විනාඩි 2 පමණ තබන්න.අවසානයේදී තල තෙල් එක් කරන්න.දැන් ඔබට නුඩ්ලස් හෝ බත් සමග රසවිදිය හැකිය.
                                                  






වැදගත් කරුණු 

1. බෝංචි,ගෝවා හා බෙල් පේප  හරස් අතට කපාගන්න.

2. බඩඉරිගු පිටි වතුර සවල්පයක් දා දිය කර භාවිතා කරන්න.
ස්ටර් ෆ්‍රයිඩ් පෝක් විත් වෙජිටබල් 



අවශ්‍ය ද්‍රව්‍ය 

ඌරු මස් 225g

සෝයා සෝස් මේස හැදි 1

බඩඉරිගු පිටි ( CORN FLOUR ) තේ හැදි 2

බෝංචි කරල් 5

කැරට් අල 2

ළුණු කොල 1

තෙල් මේස හැදි 4

ලුනු අවශ්‍ය ප්‍රමාණයට

තල තෙල් ස්වල්පයක් (sesame oil)

බෙල් පේප හෝ මාළුමිරිස් කරල් 3

ඔයිස්ට සෝස් ( OYSTER SAUCE ) මේස හැදි 1

 ළුණු ගෙඩි 1ක් ( සිහින්ව කපාගන්න)

සුදුළුණු බික් 3ක් (සිහින්ව කපාගන්න )


සාදාගන්නා ආකාරය 


1.හොදින් කැපෙන පිහියක් ගෙන 4 x 2.5cm දිගට කපාගන්න.කපා ගත් මස් හොදින් සෝදා වතුර පෙරෙන්න හැර එයට සෝයා සෝස් තේ හැදි 1ක් ,ලුනු ,බඩඉරිගු පිටි දියර දා හොදින් කවලම් කරන්න.
                                        








2.බදුනක්  ගෙන තෙල් දා රත් කර ඌරු මස් එකතු කර මද වේලාවක් පිස ගන්න.එවිට පැහැය වෙනස් වූ විට බදුනෙන් ඉවත් කර පැත්තකින් 
තබන්න.
                                                                  



3.නැවතත් එම බදුනට තෙල් දා රත් කර සුදු ළුණු,B ළුණු එක්  කර රන් වන් පැහැ වූ විට කපාගත් එළවලු එක් කර විනාඩි 3ක් පමණ තබා පැත්තකින් තබා ගත් ඌරු මස් එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ලුනු හා වතුර ස්වල්පයක්  එක් කර හොදින් කවලම් කරන්න.පසු ඔයිස්ට සෝයා සෝස් හා තල තෙල් දා හොදින් කවලම් කර ඉදෙන තෙක් පිසගන්න

වැදගත් කරුණු 

  • කටු ඉවත් කරපු ඌරු මස් භාවිතා කරන්න.
  • බඩ ඉරුගු පිටි වතුර ස්වල්පයක් දා දිය කර එක් කරන්න.
  • කැරට් සාමාන්‍ය දිගට පෙති කපාගන්න.
  • බෝංචි කරල 3 ට කපාගන්න .
  • වතුර වෙනුවට ඌරු මස් තම්බා ගත් වතුර (STOCK )භාවිතා කර හැකිය.

එළවඵ නුඩ්ල්ස් (VEGETABLE NOODLES )





අවශ්‍ය ද්‍රව්‍ය


B ළුණු ගෙඩි 2

සුදුළුණු  බික්  4

ඉගුරු ( පොඩි කැබැල්ලක්)

නුඩ්ල්ස් 400g

තෙල් මේස හැදි 3

කැරට්  100g

ලීක්ස්  100g

ගෝවා 50g

තල තෙල් ( SESAME OIL) තේ හැදි 1/4

සෝයා සෝස්  මේස හැදි 2

ඔයිස්ට සෝස් (OYSTER SAUCE ) මේස  හැදි 2

කෑලි මිරිස්  මේස හැදි 1

ලුනුකොල

ලුනු කුඩු (අවශ්‍ය  ප්‍රමාණයට )

ගම්මිරිස් කුඩු තේ හැදි 1



සාදාගන්නා ක්‍රමය


පළමුව බදුනක් ගෙන තෙල් දා රත් කර ළුණු, සුදුළුණු ,ඉගුරු එක් කර රන් වන් පැහැය වන තෙක් තබා කැරට් ,ගෝවා එයට එකතු කර මද වේලාවක් පිසගෙන ලුණු ,සෝයා සෝස් ,ඔයිස්ට සෝස් ,කැලි මිරිස්,ගම්මිරිස් කුඩු දා කවලම් කර විනාඩි 2ක් පමණ තබා තම්බා ගත්  නුඩ්ල්ස් දා හොදින් කවලම් කර ගන්න.ඉන් පසු ලීක්ස් ,තල තෙල් ,ළුණු කොල දා හොදින් කවලම් කරන්න.ඉතා රසවත් නුඩ්ල්ස් ආහාරයක් සදා ගන අවසානයි.


වැදගත් කරුණු 

1.නුඩ්ල්ස් තම්බා ගන්නා විට එයට තෙල් හා ලුණු එකතු  කරන්න.

2. සුදුළුණු,B ළුණු,ඉගුරු  ඉතා සිහින් ව කපාගන්න (CHOPPED)

3.කැරට්,ලීක්ස්,ගෝවා සිහින් ව  දිගට කපාගන්න. 

4.අවශ්‍ය නම් ඔබට බිත්තර භාවිතා කර හැකිය.
චිකන් ප්‍රයිඩ් රයිස්





අවශ්‍ය ද්‍රවය

කුකුල් මස් 300g (පොඩි කොටුවලට කපාගන්න )

බිත්තර 4

හාල් 1 kg (පිස ගත් බත් )

B ළුණු ගෙඩි 2ක් (සිහින් ව කපාගත් ) CHOPPED

සුදුළුණු බික් 5ක් (සිහින් ව කපාගත් )CHOPPED

ඉගුරු ස්වල්පයක් ( සිහින්ව කපාගත් )CHOPPED

ලීක්ස් 100g (සිහින්ව දිග අතට කපාගන්න)

කැරට් 200g (සිහින්ව දිග අතට කපා ගන්න )

සොයා සෝස් තේ හැදි  3

තල තෙල් තේ හැදි 1/4( sesame oil)

ලුණු කුඩු (අවශ්‍ය ප්‍රමාණයට )

ළුණු කොල

බටර් හෝ තෙල් තේ හැදි 2



සාදාගන්නා ආකාරය


පළමුව බටර් හෝ තෙල් භදුනකට දා රත් කර ළුණු,ඉගුරු, සුදුළුණු රන් වන් පැහැය වන තෙක් තබා  කුකුල් මස් එක් කර  සාමාන්‍ය යිදෙන තෙක් තබා බිත්තර එක් කර කැරට්,සොයා සෝස්,ලුණු දා හොදින් කවලම් කර මද වේලාවක්  පිස ගන්න .පසු පිස ගත් බත් හා ලීක්ස් එක් කර නැවතත් හොදින් කවලම් කර තල තෙල් එක් කර ලිපෙන් ඉවත් කර ගන්න.පසු අවසාණයට කපා ගත් ළුණු කොල ඉස ගන්න.



වැදගත් කරුණු


1 .කුකුල් මස් කටු ඉවත් කර පොඩි කොටුවලට කපාගන්න.

2 .බිත්තර කවලම් කර එක් කර ගන්න.

3 .වඩාත්ම සුදුසුයි බාස්මති සහල් භාවිතය.හාල් උයන විට තෙල් ස්වල්පයක් හා ලුනුකුඩු දා පිසගන්න.

4 .තල තෙල් නොමැති වූ ව මෙම ආහාරය සාදාගත හැකිය.

5 .ළුණු කොල ඔබට අවශ්‍ය හැඩයකට කපා ගත හැක.


ජින්ජර් පෝක් විත් බ්ලැක් බීඉන් සෝස්

අවශ්‍ය ද්‍රවය 


උරු මස්(කටු ඉවත් කර  )350g

සුදුළුණු බික් 3(ඉතා සිහින් ව කපාගන්න) chopped

ඉගුරු මේස හැදි  1( ඉතා සිහින් ව කපාගන්න) chopped

සොයා සෝස් මේස හැදි 1

සිනි තේ හැදි  1/2

බඩ ඉරිගු පිටි තේ හැදි 2(corn flour )

තෙල්  මේස හැදි 3

මාළුමිරිස් කරල් 3ක් හෝ බෙල් පේප 4

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

ළුණු කොල 5

කුකුල් මස් ස්ටොක් මේස හැදි 6 (කුකුල් මස් තම්බා ගත් වතුර )



සදා ගන්නා ආකාරය 

  1. උරු මස් ඉතා සිහින් ව මදක් දිගට කපාගන්න.පසු ඉගුරු,සුදුළුණු,එක් ක කවලම් කර සීසන් වෙන්න විනාඩි 15ක් පමණ තියන්න.
  2. භාජනයක් ගෙන එයට ස්ටොක් ,සොයා සෝස් ,සිනි හා බඩ ඉරුගු පිටි (corn flour ) දමා හොදින් කවලම් කර පැත් තකින් තබන්න .
  3. සාමාන්‍ය  තාච්චියක් ( frying pan ) ගෙන එයට තෙල් එක් කර ගන්න.ඉන් පසු කපාගත් උරු මස් දා විනාඩි 3-4 ක් පිසගන්න. පසුව මාළුමිරිස් හෝ බෙල් පේප හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා කවලම් කර මදගින්නේ හොදින් පිස ගන්න.
  4. බ්ලැක් බින් සෝස් හා ඔබ සාදාගත්  සෝස්  ද එකතු කර කවලම් කර මද වේලාවක් පිසගෙන ලිපෙන් ඉවත් කරන්න.
වැදගත් කරුණු 
  • බඩ ඉරුගු පිටි (corn flour ) වතුර ස්වල්පයක් දා කවලම් කර එක් කරන්න.

චිකන් සිචුවන්






අවශ්‍ය ද්‍රවය


කුකුක් මස් 350 ග්‍රෑම්

ලුණු තේ හැදි 1/4

බිත්තර සුදුමද 2
  
බඩඉරිගු පිටි තේ හැදි 2 

මාළුමිරිස් කරල් /බෙල්පේප 3

එළවලු තෙල් මිලි ලීටර් 60

රතු මිරිස් කරල් 3-4

ළුණුකොල 5

ඉගුරු කැබැල්ලක්

හොඉසින් සෝස් 15 මි.ලි 

සොයා සෝස් තේ හැදි 1 1/2

ඔඉස්ට සෝස් තේ හැදි 2

බැදපු කජු 115 ග්‍රෑම්

තල තෙල් තේ හැදි  1


සාදන ආකාරය

පළමුව කුකුල් මස් පොඩි කැබලි වලට කපා බෝල් එකකට දමා ලුණු,කවලම් කරාගත්  බිත්තර හා දිය කරගත්    බඩඉරිගු පිටි( Corn  Flour ) දමා හොදින් කවලම් කරගන්න.මාළුමිරිස් හෝ බෙල් පේප පොඩි කොටු වලට කපාගන්න.ඉන් පසුව බදුනකට තෙල් දමා රත්වූ පසු කපාගත් කුකුල් මස් එකතු කර පැහැය වෙනස් වෙනතෙක් තබා වෙන බදුනකට මාරු කරන්න.ඉන් පසු එම බදුනට  මාළුමිරිස්,රතුමිරිස්,ළුණු කොල ,ළුණු ,ඉගුරු එකතු කර විනාඩි 2ක් පමන තියන්න.දැන් අපි කුකුල් මස් එකතු කරමු.හොඉසින්,සොයා සෝස් ඔඉස්ට   සෝස් එක් කර කවලම් කරන්න.පසුව  බැදපු කජු හා තලතෙල් ස්වල්පයක් එකතු කර විනාඩ්යක් පමන තබා ලිපෙන්  බාගන්න.

සැ.කරුණු

  • කුකුල් මස් (කලව) හෝ කටු ඉවත් කරාගත් කුකුල් මස් භාවිතා කරන්න.
  • කුකුල් මස් 25cmක් දිගට කපා ගන්න .
  • බඩඉගුරු පිටි ( Corn Flour ) වතුර ස්වල්පයක් දමා කවලම් කර එක්කර ගන්න.
  • හොඉසින්සෝස්( hoisin sauce) ඔඉස්ටර්(Oyster)වෙළද පොලින් ලබාගත හැක 
  • බිත්තර (කවලම් කරගන්න )
බඩඉරිගු හා බිත්තර  සුප් 


අවශ්‍ය ද්‍රවය 



ක්‍රීම් බඩඉරිගු  100 ග්‍රෑම් 

ළුණු ගෙඩි  3 

සුදුළුනු බික් 3

ඉගුරූ  5 ග්‍රෑම් 

බටර් තේ හැදි 1 1/2

ස්ටොක් ( එළවලු හෝ කුකුල් මස් තම්බා ගත් වතුර ) ලීටර් 1

බිත්තර සුදු මද  3 ක් 

බඩඉරිගු පීට් 1 1/2

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු


සාදන ආකාරය

පළමුව බදුනක් ගෙන එය රත් වෙන්න තබන්න.රත් වූ පසු බටර් එකතු කර ගත් පසු සුදුළුණු ,ඉගුරූ ,ළුණු දා හොදින් කවලම් කර රන් පැහැය වෙන තෙක් තබා ක්‍රීම් බඩඉරිගු (Cream Corn) එකතුකර ඔබ සදා ගත් එළවලු හෝ කුකුල් මස් තම්බා ගත් වතුර  (stock) යොදා ඉන්පසුව එය උතුරා ගත් පසු බඩඉරිගු පිටි (Corn Flour) යොදා එය උතුරනවිට තම පදමට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එක්කර පසු අවසානයේදී  කවලම් කරගත් බිත්තර සුදුමද එකතුකර ගන්න ඉන්පසුව ඔබට ඉතා රසවත් සුප් පානයක්‌ පහසුවෙන් පිලිවල කරගත හැක.

සැ: කරුණු

  • ළුණු , සුදුළුණු , ඉගුරු සිහින්ව කපාගන්න (Chopped)
  •  බිත්තර සුදුමද හොදින් කවලම් කරගන්න.
  •  විශේෂ කරුණක් වන්නේ කවලම් කරගත් බිත්තර සුදුමද එයට එක්කරගන්නා විට ඉතා සෙමින් යොදාගන්න එසේ නොවුනොත් බිත්තර කැබලි වලට වෙන් නොවේ.
  • Cream Corn ටින් වෙළදපොලෙන් ලබා ගත හැක.
  • බඩඉරිගු පිටි සුප් එකට එකතු කරගන්න පෙර වතුර සුවල්පයක් දමා කවලම් කරගන්න.ඉන් පසුව සාදාගන්නා සුප් එකට එකතු කරගන්න.