Rasa Madura

BRINJAL MOJU (බටු මොජු )

0
බටු මොජු




අවශ්‍ය ද්‍රවය


බටු  250g(දිග අතට කපාගන්න )

ළුණු ගෙඩි 2

අම්මිරිස් කරල් 10

සුදුළුණු බික් 3

ඉගුරු 2.5cm 1

හාල්මැස්සන්  15-20

කරපිංචා 8

තුනපහ මේසහැදී 1

අබ තේ හැදි 1

සිනි තේ හැදි 2-3

  පොල්තෙල්

ලුණු (අවශ්‍ය ප්‍රමාණයට )


සදාගන්නා  ආකාරය
  1.  පළමුව භදූනක් ගෙන තෙල් දා රත් කර ගන්න.
  2. තෙල් රත් වූ පසු බටු,හාල් මැස්සන් තරමක් කළු හා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
  3. බැදගත් හාල්මැස්සන් හා බටු   හොදින් තෙල් බේරා ගන්න.
  4. දැන් ළුණු හා අම්මිරිස් තෙලේ බැදගන්න.හොදින් තෙල් බේරා ලිපෙන් තෙල් බදුන ඉවත් කරන්න.
  5. ඉගුරු,සුදුළුණු, අබ හොදින් අබරාගන්න හෝ බේලෙන්ඩ් (blender)කර  ගන්න .
  6. දැන් පොඩි භාජනයක් ගෙන එයට සාදාගත්  තලපය,තුනපහ,සිනි,ලුනු ,විනාකිරි දා හොදින් කවලම් කර ගන්න.සිනි දියවන තෙක් කවලම් කරගන්න.
  7.   භදූනක් ගෙන එයට පොල්තෙල් දමා කරපිංචා එකතු කර බැදගන්න.පසුව සාදාගත් මිශ්‍රනය එකතු කර අනෙකුත් බැදගත් සියල්ලම එක් කර  කවලම් කර ගන්න.විනාඩි 5-6 මදගින්නේ තියා ලිපෙන් ඉවත් කර ගන්න.



0 comments:

Post a Comment