ස්ටර් ෆ්‍රයිඩ් පෝක් විත් වෙජිටබල්
අවශ්‍ය ද්‍රව්‍ය
ඌරු මස් 225g
සෝයා සෝස් මේස හැදි 1
බඩඉරිගු පිටි ( CORN FLOUR ) තේ හැදි 2
බෝංචි කරල් 5
කැරට් අල 2
ළුණු කොල 1
තෙල් මේස හැදි 4
ලුනු අවශ්‍ය ප්‍රමාණයට
තල තෙල් ස්වල්පයක් (sesame oil)
බෙල් පේප හෝ මාළුමිරිස් කරල් 3
ඔයිස්ට සෝස් ( OYSTER SAUCE ) මේස හැදි 1
ළුණු ගෙඩි 1ක් ( සිහින්ව කපාගන්න)
සුදුළුණු බික් 3ක් (සිහින්ව කපාගන්න )
සාදාගන්නා ආකාරය
1.හොදින් කැපෙන පිහියක් ගෙන 4 x 2.5cm දිගට කපාගන්න.කපා ගත් මස් හොදින් සෝදා වතුර පෙරෙන්න හැර එයට සෝයා සෝස් තේ හැදි 1ක් ,ලුනු ,බඩඉරිගු පිටි දියර දා හොදින් කවලම් කරන්න.
2.බදුනක් ගෙන තෙල් දා රත් කර ඌරු මස් එකතු කර මද වේලාවක් පිස ගන්න.එවිට පැහැය වෙනස් වූ විට බදුනෙන් ඉවත් කර පැත්තකින්
තබන්න.
3.නැවතත් එම බදුනට තෙල් දා රත් කර සුදු ළුණු,B ළුණු එක් කර රන් වන් පැහැ වූ විට කපාගත් එළවලු එක් කර විනාඩි 3ක් පමණ තබා පැත්තකින් තබා ගත් ඌරු මස් එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ලුනු හා වතුර ස්වල්පයක් එක් කර හොදින් කවලම් කරන්න.පසු ඔයිස්ට සෝයා සෝස් හා තල තෙල් දා හොදින් කවලම් කර ඉදෙන තෙක් පිසගන්න
වැදගත් කරුණු
- කටු ඉවත් කරපු ඌරු මස් භාවිතා කරන්න.
- බඩ ඉරුගු පිටි වතුර ස්වල්පයක් දා දිය කර එක් කරන්න.
- කැරට් සාමාන්‍ය දිගට පෙති කපාගන්න.
- බෝංචි කරල 3 ට කපාගන්න .
- වතුර වෙනුවට ඌරු මස් තම්බා ගත් වතුර (STOCK )භාවිතා කර හැකිය.
0 comments:
Post a Comment