Rasa Madura

Showing posts with label මෙක්සිකෝවේ ආහාර වට්ටෝරු. Show all posts
Showing posts with label මෙක්සිකෝවේ ආහාර වට්ටෝරු. Show all posts

මැක්සිකන්  ස්ටයිල් බතක් 


සිත් ගන්නා  සුළු රතු මිරිස් මලින් හැඩ ගැන් වූ  මැක්සිකානු බතක් ලාංකීය මේසය මත ඉතා පහසුවෙන් තබා ගැනීමට ඔබත් කැමැති නම් එන්න  අපහා එක්වන.



අවශ්‍ය  ද්‍රව්‍ය 



සම්බා සහල්  350 ග්‍රෑම් 

බි ළුණු  1

සුදුළුණු  බික්  2

තත්කාලි 400 ග්‍රෑම්

ග්‍රීන් පීස්  175 ග්‍රෑම් 

බඩඉරිගු තෙල් 60 මිලි ලීටර් 

එළවළු තම්බා ගත් වතුර( stock) 900 මිලිලිටර්

ගම්මිරිස් කුඩු

ලුණු

රතුමිරිස්  කරල් 4


සාදාගන්න ක්‍රමය 


හොදින් පිරිසිදු කරගත් සහල් එළවලු තම්බා ගත් වතුරෙන් ( stock ) පිසගන්න .පසුව බදුනක් ගෙන ලිපමත මත තබා බඩඉරිගු තෙල් සුවල්පයක් එක්කර සිහින් ව කපාගත් සියල්ල  රන් පැහැ  වන තෙක් තබා එයට මුලින් ඔබ සාදාගත් බත් එකතු කර රන් වන් පැහැය වනතෙක් මද ගින්නේ පිසගන්න .  

නැවත බදුනක් ගෙන එයට ඉරිගු තෙල්  සුවල්පයක් එකතු කර ඉතා සිහින්ව කපාගත් තත්කාලී හෝ ( Tomato Puree) විනාඩ් 2-3 රත් 

කර ගන්න.ඉහත සදාගත් බත් රත් කරාගත් Tomato Puree සමග මිශ්‍ර කරගන්න.Tomato Puree වල ඇති අදික උකුගතිය අඩුවන තුරු විනාඩි 15ක් පමන පිසගන්න.අවසානයේදී අවශ්‍ය ලුණු  ප්‍රමාණය පරික්ෂාකර ලිපෙන් ඉවත් කරගන්න.පසුව පිළියෙල කරාගත් රතුමිරිස් මලින් සරසා ගන්න

විශේෂ කරුණු

බි ළුණු ,සුදුළුණු ඉතා සිහින්ව කපාගන්න.(Chopped )

සිහින්ව කපාගත් තත්කාලී හෝ Tomato Puree භාවිතා කර හැක.