Rasa Madura

Showing posts with label දේශීය ආහාර වට්ටෝරු. Show all posts
Showing posts with label දේශීය ආහාර වට්ටෝරු. Show all posts
කෙසේල්මුව සීනි සම්බෝලය 






                                                                                                     
අවශ්‍ය ද්‍රව්‍ය 

අලුත් කෙසේල්මුවක් (නොමේරු )

සිහින්ව කපාගත් රතුළුණු 250g

සිහින්ව කපාගත් උම්බලකඩ මේස හැදී 4

බැදපු මිරිස් කුඩු මේස හැදී  2

සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 5

සිහින්ව කපාගත් සුදුළුනු බික්     7 

සිහින්ව කපාගත් කරපිංචා මේස හැදී 2

දිය කරගත් සියඹලා යුෂ මේස හැදී    1

කුඩු කරගත් කරදමුංගු කරල්   10

සේර,කුරුදු,රම්පෙ  කැබලි කීපයක් බැගින්

එලවළු තෙල් 

කහ කුඩු ස්වල්පයක් 

සීනි තේ හැදී         1

දිය ලුණු ස්වල්පයක් 

ඉගුරු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය 


මැල්ලුමකට  ලියා ගන්නා සේ කෙසේල්මුව ලියමින් ලුණු වතුරට දමන්න.මද වේලාවක් එසේ තියෙන්න හරින්න.ඊට පසු ටිකෙන් ටික මිරිකමින් කපාගත් කෙසේල්මුව කැබලිවල කහටත් ලුණු ඉවත් කරමින් නවතත් පිරිසිදු වතුරෙන් සෝදා ගන්න.කහ කුඩු ස්වල්පයක් හා ලුණුත් දමා හොදින් අනා මද ගින්නේ තැමිබෙන්න හරින්න.ඒ අතර සිහින්ව කපාගත් කරපිංචා,සුදුලූනු,ඉගුරු තලපයක් සේ හොදින් අඔරා ගන්න.භාජනයක් ළිප මත තබා රත් වන විට තෙල් මේස හැදී 4ක් පමණ දමා හොදින් රත් වූ පසු උම්බලකඩ දමා තරමක් බැදෙන විට රත්ළුණු මිශ්‍ර කරන්න.කූරු ගාමින් බැදෙන්න හරින්න.ඊටපසු අමුමිරිස්,සේර,රම්පේ,කුරුදු දමා කූරු ගාමින් බැදෙන්න හරින්න.එයද හොදින් බැදුන පසු මිරිස් කුඩු එකතු කර කවලම් කරන්න.තම්බා ගත් කෙසෙල් මුවට අඹරා ගත් ඉගුරු මිශ්‍රණය හා කරදමුංගු කුඩු එකතු කර හොදින් කළවම් කරන්න.ලිපේ තිබෙන අනෙක් මිශ්‍රණයට මෙයද එකතුකර කූරු ගාමින් කවලම් කරන්න.මද වේලාවක් වසා තියන්න.ඉන් පසු  සියඹලා යුෂ එක්කර තවත් ස්වල්ප වේලාවක් ලිපේම තියන්න.විනාඩි 5 කට පමණ පසු සීනි එක්කර නැවත කූරු ගාන්න.ළිපෙන් ඉවත් කර කෑමට ගන්න.තෙත් ගතිය ඉවත් වී නිවුනට පසු සුළං නොවදින සේ බාජනයකට දමා දින කීපයක් වුවද තබාගත හැකිය.

                          මැටි හාජනයක මෙය පිළියෙළ කරන් නේ නම් වඩාත් සුදුසුයි
ශී‍්‍ර ලංකන් කුකුල් මස් මොලගතන්නි සුප්








අවශ්‍ය ද්‍රවය

කුකුල් මස් 500g(පොඩි කොටුවලට කපාගන්න )cubed

කුකුල් මස් තම්බා ගත් වතුර(chicken stock) කෝප්ප 06ක්

ලුනුකුඩු (අවශ්‍ය ප්‍රමාණයට)

ගම්මිරිස් කුඩු තේ හැදි 2

කොත්තමල්ලි කුඩු මේස හැදි 1

සුදුරු කුඩු  මේස හැදි 1

තත්කාලී ගෙඩි 2ක්(ඉතා සිහින් ව කපාගන්න)CHOPPED

B ළුණු ගෙඩි 1ක් (ඉතා සිහින් ව කපාගන්න)CHOPPED

කුරුදු පොඩි කැබැල්ලක්

ඉගුරු තේ හැදි 1( සිහින් ව කපාගත්)CHOPPED

සුදුළුණු බික් 6 ක් (සිහින් ව කපාගත්)CHOPPED

මිරිස්කුඩු තේ හැදි 1ක්

තෙල් මේස හැදි 2

කරපිංචා තේ හැදි 1ක් ( පොඩිවට කපා ගත්)

පොල් කිරි කෝප්ප 2ක්

දෙහි මේස හැදි 1

කහ කුඩු (ස්වල්පයක්)




සාදාගන්නා ක්‍රමය 

1.පළමුව කුකුල් මස් තම්බා ගත් වතුර (chicken stokes) මදක් ගැඹුර තියන භාජනයකට දමා රත් කර ගන්න.ඉන් පසු කපාගත් කුකුල් මස් එකතු කර ගෙන හොදින් රත් වෙන්න හරින්න.පසුව එක් කර ගන්න ලුනු කුඩු , ගම්මිරිස් , කොත්තමල්ලි කුඩු  ,කහකුඩු ,තත්කාලී ,ළුණු ,ඉගුරු ,සුදුළුණු ,මිරිස්කුඩු ,සුදුරු කුඩු,කුරුදු   
දමා විනාඩි 30ක් පිසගෙන ලිපෙන් ඉවත් කරන්න.


2.සාමාන්‍ය භාජනයක් ගෙන තෙල් දා රත්කර ගෙන ,ළුණු දමා  මද  වේලාවකින් කරපිංචා එක් කර රන්වන් පැහැය වන තෙක් තබා පොල් කිරි එක් කර රත් වූ පසු ඔබ පැත්තකින් තබා ගත් භාජනයට මෙය එක් කර දෙහි යුෂ ද දමා තවත් විනාඩි 15ක් පමණ රත් කර ලිපෙන් ඉවත් කරන්න. 
මාළු කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

අල ගෙඩි    2

ටුනා ටින්    2

B ළුණු ගෙඩි 1( සිහින්ව කපාගත්)

සුදුළුනු බික් 2( සිහින්ව කපාගත්)

ඉගුරු ස්වල්පයක් ( සිහින්ව කපාගත්)

අමුමිරිස් කරල් 2-3( සිහින්ව කපාගත්)

කරපිංචා ස්වල්පයක්( සිහින්ව කපාගත්)

ගම්මිරිස් කුඩු තේ හැදී  1/2

මිරිස් කුඩු තේ හැදී 1/2

පාන් කුඩු මේස හැදී 1

දෙහි යුෂ ස්වල්පයක්

බිත්තර 2

බැද ගැනීම සදහා අවශ්‍ය පමණට තෙල්

පිටි ස්වල්පයක්


සාදාගන්නා ආකාරය

1. පළමුව හොදින් අල සුද්ද කර  මදක් විශාලකොටු වලට කපා ගෙන හොදින් තම්බා ගන්න.
2. තැම්බු පසු වතුර ඉවත් කර මද වේලාවක් නිවෙන්න හරින්න.පසු දෙහි යුෂ ,ලුණු දා කවලම් කරන්න.
3.භාජනයක්( pan ) ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු සුදුළුනු,ළුණු,ඉගුරු දමා රන් වන් පැහැය වූ පසු අල එක් කර ගම්මිරිස්,කහ ,මිරිස් කුඩු දා හොදින් කවලම් කර මද වේලාවක් තබා ටුනා එකතු කර විනාඩි 2ක් පමණ තබා ලිපෙන් ඉවත් කර මද වේලාවක් නිවෙන්න හරින්න.

4.පසු මිශ්‍රණයට බිත්තර හා පාන් කුඩු මේස හැන්දක්,දා කවලම් කර කුඩා කැබලි වලට වෙන් කර එම රවුම් තුනී කර ගන්න.

5.කුඩා භාජන තුනක් ගෙන එයින් එකිනෙකට පිටි,බිත්තර,පාන්කුඩු දා පැත් තකින් තබන්න.ඉන් පසු තුනු කරගත් අල මිශ්‍රණ පළමුව පිටි මත තවරා,දේවැනිව බිත්තර මත තවරා අවසානයේදී පාන් කුඩු මත හොදින් තවරන්න.          
                         භදුනක් ගෙන තෙල්  රත් වූ පසු  බැද ගන්න.









                         මාෂ්මෙලෝ පුඩිම

                                


අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලටින් ( 50g+30g )

සීනි (100g+500g)

මිල්ක්මේඩ් ලොකුටින් 01

සීනි සමග තම්බන ලද අන්නාසි ගෙඩි 01

කලරින් පාට 2

සාදන ක්‍රමය


 මිල්ක්මේඩ් කිරි ටින් එක කඩා භාජනයකට දමන්න.එම ටින් එකෙන්ම එයට වතුර ටින් දෙකක් සහ සීනි 100g දමා දිය කර ළිප මත තබා රත් කර උතුරන විට,උතුරන වතුර අඩු කෝප්ප 1/2 ක දිය කරන ලද ජෙලටින් 30g ද එයට එකතු කර නැවත උතුරවා ලිපෙන් බා ගන්න.එය නිවෙන්නට හැර භාජන දෙකකට සම සේ දමා කලරින් පාට දෙක වෙන වෙනම යොදන්න.ඒයින් එක් භාජනයක් ශීතකරණයේ තබා ඝන කර ගන්න.ඉන් පසු අනෙක් පාට යෙදු මිශ්‍රණය ඒ මත වක් කොට නැවත ශීතකරණයේ තබන්න.එය භාගෙට ඝන වූ විට සීනි දමා තම්බන ලද අන්නාසි ඒ මත දමා හොදින් ඝන කර ගන්න.     2 පියවර 

වතුර අඩු කෝප්ප 1 කට සීනි 500g දිය කර,ළිප මත තබා උතුරවා ගන්න.මිශ්‍රණය තරමක් ඝන වූ විට උතුරන වතුර අඩු කෝප්පයකට දිය කරන ලද ජෙලටින් 50g ද එයට එක් කර ළිපෙන් බා හොදින් බීට් කර ඝන කරන ලද පුඩිම මත වක් කරන්න.
    (මෙය නැවත ශීතකරණයේ තැබිය යුතු නැත)

බටර් කේක්






අවශ්‍ය ද්‍රවය :



පිටි ග්‍රෑම්   250

සීනි ග්‍රෑම්  250

මාගරින් හෝ බටර්  ග්‍රෑම් 250

වැනිලා තේ හැදී            2

බේකිං පවුඩර් තේ හැදී  2

බිත්තර             4

බඩ ඉරුගු පිටි   50



සාදාගන්නා ක්‍රමය :

පළමුව සීනි හා බටර් හොදින්  මිශ්‍ර කරන්න(සීනි දිය වනතෙක් ).එම මිශ්‍රණට එක් වරකට එක බැගින් කහ මද මිශ්‍රකර බිත්තර හතරේම කහ මද ටික ගසන්න.වැනිලාද මිශ්‍ර කරන්න.බිත්තර සුදුමද 4ක් බදුනකට දමා වතුර තේ හන්දක්ද දමා උකු පෙන සෑදෙන තෙක් ගසන්න.පිටි ග්‍රෑම් 250 ට බේකිං පවුඩර් හා බද ඉරුගු පිටි දමා කවලම් කර බිත්තර මිශ්‍රණයට එය එක් කර බිත්තර සුදු මදයද  ටිකින් ටික එකතු කරමින් හොදින් කවලම් කරන්න.ඉන් පසු තැටියක් ගෙන ඈතුලත   බටර් ගා ඔබ සදා ගත් මිශ්‍රණය එකතු කර විනාඩි 45ක් හා උෂ්ණත්වය 160'c අවන් එකක් තුල සාදාගන්න.
චීස් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය


පිටි 500g

දෙහි යුෂ තේ හැදී 2

බටර්  200

ලුණු ස්වල්පයක්

බේකිං පවුඩර් තේ හැදී  2

පිරවුම සදහා 

බටර් 75g

පුහුල් දෝසි 250g

බිත්තර  4

කජු  125g

සීනි 250g

රෝස් එසන්ස් තේ හැදී  1/2

ආමන්ඩ් එසන්ස් තේ හැදී    1/2

සාදික්කා,කරදමුංගු,කරාබුනැටි ( තලාගත් ) 3



සාදන ක්‍රමය :

පිටි බදුනකට දමා එයට බටර් ස්වල්පය බැගින් දමමින් පාන් කුඩු මෙන් සැලෙන ආකාරයට ඇගිලි තුඩු වලින් කවලම් කරන්න.ඉන්පසු දෙහි යුෂ,අයිස් වතුර ස්වල්පයක් ද එක්කොට අතෙහි නොඇලෙන පදමට අනාගන්න.

පිරවුම සදා ගන්නා ක්‍රමය :

පුහුල් දෝසි,කජු ආදිය සිහින්ව කපාගන්න.බිත්තර කහමද සහ සීනි හොදින් ගසන්න.ඉන්පසුව  එසන්ස් වර්ග දමා හොදින් මිශ්‍රකර ගන්න.දැන් මුලින් සාදාගත් පිටි බදාමය තුනීකර රවුම් කටරයකින් එක් එක් රවුම බැගින් කපන්න.බටර් තවරාගත් තැටි මත මෙම පේස්ට්‍රිය තුනිකොට පටි ආකාරයට තීරු කපා එය කතිරයක් සේ මතුපිටින් දමා උඩින් කජු කැබලි ඉස මිනිත්තු 25ක් පමණ උදුනේ තබා පුළුස්සා ගන්න.
කකුළු වීයංජනය




     අවශ්‍ය ද්‍රව්‍ය 

කකුළුවන් 5ක්

B ළුණු (සිහින්ව දිග අතට කපා ගන්න )

සුදුළුනු (සිහින්ව කපාගන්න)

කරපිංචා (කිහිපයක්)

රම්පේ කැබැල්ලක්

මිරිස් කරල් 2ක් ( පොඩිවට කපාගන්න )

කහ කුඩු තේ හැදී 1ක්

මිරිස් කුඩු තේ හැදී 1 1/2

තුනපහ කුඩු තේ හැදී  2

වතුර කෝප්ප 1/4

පොල් කිරි කෝප්ප 1/2

ලුනු අවශ්‍ය ප්‍රමාණයට

සේර ( ස්වල්පයක්)



සාදාගන්නා ආකාරය

1.පළමුව කකුළුවන් සුද්ද කර කපා හොදින් සෝදා ගන්න.ඉන් පසු ලුණු හා දෙහි එක් කර හොදින් කවලම් කර විනාඩි 5ක් පමණ පැත්තකින් තබන්න.(සීසන් වෙන්න තබන්න)

2.බදුනක් ගෙන තෙල් දා රත් කර සුදුළුනු,ළුණු එකතු කර රන් වන්  පැහැය වූ විට  කරපිංචා,රම්පේ,සේර,මිරිස්  එක් කර මද වේලාවක් තබා වතුර,මිරිස් කුඩු,තුනපහ එක් හොදින් කවලම් කරන්න.ඉන් පසු කකුළුවන් හා පොල් කිරි එක් කර කවලම් කරන්න.හොදින් කකුළුවන් පිසෙන තෙක් තබා ලිපෙන් ඉවත් කරන්න.
චිලි පේස්ට් 

අවශ්‍ය ද්‍රව්‍ය

කැලි මිරිස 100g  

  ඉගුරු(ස්වල්පයක් )

සුදුළුනු බික් 4ක්(ස්වල්පයක් )
       
තෙල් කෝප්ප      01

වියලි ඉස්සන්       100g

B ළුණු 30g   (සිහින්ව කපාගත් )  chopped

කරපිංචා 5ක්  (සිහින්ව කපාගත්)  chopped

සිනි මේස හැදී       5

දෙහි යුෂ තේ හැදී   1

අජිනමොටෝ තේ හැදී  1

ලුනු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  


සාදාගන්නා ආකාරය 


පළමුව තෙල් රත් කර ළුණු,ඉගුරු,සුදුළුනු එකතු කර රන් වන් පැහැය වන තෙක් බැද ගන්න.ඉට පසු ඉස්සන් එක් කර නැවතත් රන්වන් පැහැය වන තෙක් තබා කපිංචා,සෝයා සෝස්,එකතු කර හොදින් කවලම් කරන්න.පසු කැලි මිරිස්,ලුනු හා අජිනමොටෝ දා මද ගින්නේ තබන්න.නැවතත් හොදින් කවලම් කර විනාඩි 3ක් පමණ මදගින්නේ තබන්න.අවසානයේදී සිනි එක් කර මද වේලාවක් තබා ලිපෙන් ඉවත් කරන්න. 
ශී‍්‍ර ලංකන් ස්ටයිල් ස්ප්‍රින් රෝල්


                                                                            

ස්ප්‍රින් රෝල් ෂිට් 2

සුදු ළුණු තේ හැදි 1(සිහින්ව කපාගත්)

කුකුල් මස් 50g (මදක් දිග අතට සිහින්ව කපා ගන්න)

ළුණු ගෙඩි 1ක්(සිහින්ව කපාගත්)chopped

ලීක්ස් 1ක් ( මදක් දිග අතට සිහින්ව කපා ගන්න)

කැරට් 1ක් (මදක් දිග අතට සිහින්ව කපා ගන්න)

පොල් තෙල් 100ML
  
කැලි මිරිස් හෝ චිලි පේස්ට් තේ හැදි 1

කහ කුඩු තේ හැදි  1/4

ලුනු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
සෝය සෝස් තේ හැදි 1/4

ඔයිටර් සෝස් ස්වල්පයක් 

සාදාගන්නා ක්‍රමය 



1.  බදුනක් ගෙන  එයට තෙල් දා රත් කර සුදුළුණු,ළුණු එකතු කර ගන්න.රන්වන් පැහැය වූ විට කුකුල් මස් එකතු කර කවලම් කර මද වේලාවක් තබා  එළවළු එකිනෙක එක් කර මදගින්නේ පිසගන්න.පසුව කැලි මිරිස් හෝ චිලි පේස්ට්,කහ කුඩු, සෝයා සෝස්, ඔයිටර් සෝස් හා අවශ්‍ය ප්‍රමාණයට ලුනු කුඩු දා හොදින් කවලම් කර පිසගන්න.

                                                 


2. ඉන් පසු  ස්ප්‍රින් රෝල් ෂිට් 1ක් ගෙන එය මතට සාදාගත් මිශ්‍රණයෙන් මදක් එම මත තබන්න.
                                                   



3. පසුව එක් කොනකින්  බිත්තර කහ මදය ගාන්න.ඉන් පසු රෝල් කරන්න.
                                                        


4. බදුනක් ගෙන තෙල් දා රත් කර මිනිත්තු 2ක් පමණ බැදගන්න.රන් වන් පැහැය වන තෙක් තබන්න.
                                                     


වැදගත් කරුණු

* කටු ඉවත් කරපු කුකුල් මස් භාවිතා කරන්න.

*ස්ටයිල් ස්ප්‍රින් රෝල් ෂිට් වෙළද පොලෙන් ලබාගත හැක.

ක්‍රීම් ඔෆ් චිකන් සුප් 





අවශ්‍ය ද්‍රව්‍ය 


B ළුණු   30g

ලීක්ස්    30g

සැල්දිරී  30g

පිටි        50g

කුකුල් මස් තම්බා ගත් වතුර  1L (STOCK )

ෆ්‍රෙෂ් ක්‍රීම්  125ML

කුකුල් මස්  100g

ලුනු (අවශ්‍ය පමණට)

ගම්මිරිස්  (අවශ්‍ය පමණට)

සුදුළුණු බික්  3

බටර් තේ හැදි  1 1/2



සාදාගන්නා ආකාරය

පළමුව බදුනක් ගෙන එයට බටර් එක් කර රත් වූ පසු සුදුළුණු,ළුණු ,ලීක්ස්,සැල්දිරි දා මද වේලාවක් පිසගන්න.ඉන් පසු පිටි එක්  කර හොදින් කවලම් කර විනාඩි 2ක් පමණ තබන්න.පසු කුකුල් මස් තම්බා ගත් වතුර (stock) දමා කවලම් කර හොදින් රත් වෙන්න හරින්න.ඉන් පසු ලිපෙන් ඉවත් කර මදක් නිවෙන්න හැර බිලෙන්ඩ්   (blend)කර පෙරා ගන්න.නැවතත් බදුනක් ගෙන රත් කර පෙරා ගත් සුප් දා රත් කර ගන්න.රත් වූ පසු අවශ්‍ය පමණට ලුනු,ගම්මිරිස් හා තම්බා ගත් කුකුල් මස්  එක් කර ලිප මදක් ගින්දර අඩු කර ප්‍රස් ක්‍රීම් දා මද වේලාවක් රත් කර ලිපෙන් ඉවත් කරන්න.

වැදගත් කරුණු

1. ප්‍රස් ක්‍රීම් වෙළද පොලෙන් ලබා ගත හැකිය.

2.කටු ඉවත් කරපු කුකුල් මස් පොඩි කැබලි වලට කපා තම්බා ගන්න. 

HELAPA හැලප





අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි 125g

කුරක්කන් පිටි 125g

ලුනු ස්වල්පයක්

වතුර 80ml

ගා ගත් පොල් 150g

සිනි 75

කැන්ද කොල  

සාදාගන්නා ක්‍රමය 



1.පළමුව භාජනයක් ගෙන එයට පිටි හා කුරක්කන් පිටි,ලුනු එකතු කර ටිකෙන් ටික වතුර එක් කර  හොදින් කවලම් කර පිටි මොලියක් වනතෙක් අනා අවශ්‍ය ප්‍රමාණයට කඩා රවුම් කර ගන්න.
                                                 

                                      

2.බදුනක් ගෙන රත් කර සිනි ස්වල්පයක් දා මදක් කළු කර ඉතුරු වුනු සිනි එකතු කර වතුර දා හොදින් කවලම් කර රත් කර ගන්න.පසුව පැණි සාදාගත් පසු එයට ගා ගත් පොල් එක් කර කවලම් කර සදා ගන ලිපෙන් ඉවත් කරන්න.
              







3.කැන්ද කොල ගෙන එය මත සදා ගත් කුරක්කන් ගුලි හොදින් තුනී කර ගන්න.එම මත පැණි පොල් මදක් දමා තුනී කර කැන්ද කොල දෙකට නමා ගන හුමාලයෙන් තම්බගන්නා.ඉතා රසවත් දේශිය අතුරු පසක් ඔබත් බුක්ති විදින්න.

                                                















ගස්ලබු මිල්ක් පුඩින් 


අවශ්‍ය ද්‍රව්‍ය .


කිරි කප් 2  1/2

 බිත්තර 3ක්

 සුදු සුනී 130g

ජෙලටින් 28g

ගස්ලබු ( papaya) කෝප්ප 1/2

වැනිලා තේ හැදි 1

  සාදාගන්නා  ක්‍රමය.



1. පළමුව බදුනක් ගෙන එය රත් කර කිරි එකතු කර මදගින්නේ රත් කර ගන්න.හොදින් රත් වූ පසු ලිපෙන් ඉවත් කර  වෙනත් භාජනයකට දමා  නිමෙන්න හරින්න.

2. වෙනත් බාජන  2ක් ගෙන එයින් එක්  භාජනයකට  බිත්තර කහ මදය හා අනික් භාජනයට බිත්තර සුදු මදය  එකතු කර  වෙන වෙනම හොදින් කවලම්(WHISKS) කරන්න.

3. බිත්තර කහ මදය ඇති භාජනයට සිනි එකතු කර හොදින් කවලම් කරන්න.

4.තවත් භාජනයක් ගෙන එයට ජෙලටින් දා උණු වතුර සමග කවලම් කර කිරි මිශ්‍රණයට එක් කර ගන්න.පසු කවලම් කරගත් බිත්තර සුදු මද දමා   කිරි මිශ්‍රණයට එක් කර කවලම් කර ගන්න..

5.ගස්ලබු තලපය හා වැනිලා  කිරි මිශ්‍රණයට එක් කර හොදින් කවලම් කරන්න.ඉන් පසු ඔබ කැමති කෝප්ප හෝ වෙනත් භාජනයකට එම මිශ්‍රණය දමා ශිතකරනයක පැයක් පමණ තබන්න.ඉතා රසවත් අතුරු පසක් ඔබට බුක්ති විදිය හැකිය.


                                                                       වැදගත් කරුණු 



  • කවලම් කරන විට වික්ස් (WHISKS) 1ක් භාවිතා කිරීම සුදුසු ය
  • හොදට ඉදුණු ගස්ලබු බාවිතා කරන්න.ගස්ලබු තලපයක් වනතෙක් පොඩි කර හෝ අබරාගන්න .
  • ජෙලටින් දිය කරන විට අනිවාරයෙන්ම උණු වතුර භාවිතා කරන්න.