Rasa Madura

Showing posts with label අරාබි ආහාර වට්ටෝරු. Show all posts
Showing posts with label අරාබි ආහාර වට්ටෝරු. Show all posts
සෞදි අරාබියේ ප්‍රධාන ආහාරයක් වන කබ්සා අරාබික් රටවල් වල ඉතා ජනප්‍රිය ආහාරයකි,කුළුබඩු විශාල ප්‍රමාණයක් එක් කර සාදාගන්නා රසවත් ආහාරයකි.සැම ගෙදරකම පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි.මම විශ්වාස කරනවා ඔබ මෙය රස විදිය කියා.



කබ්සා රයිස්



කුකුල් මස් කැබලි 8

තෙල් මේස හැදී 2

බේ කොළ 2ක්

චිකන් කියුබ් 1ක්

B ළුණු 1ක් (දිග අතට කගන්න.)

සුදුළුනු බික් 2ක් (සිහින් ව කපාගෙන)

එනසල් ඇට 5

කරාබු ඇට 4

කුරුදු කැබලි 2ක්

සුදුරු තේ හැදී 1

කොත්තමල්ලි කුඩු තේ හැදී 1

ලුනු තේ හැදී 1ක්

ගම්මිරිස් තේ හැදී 1

තක්කාලි සෝස් 15ozs

සුල්තානා (ස්වල්පයක් )

කජු (ස්වල්පයක් )

සාදාගන්නා ආකාරය 

1. බදුනක් ගෙන තෙල් එකතු කර මදගින්නේ රත් කර ළුණු,සුදුළුනු,රන් වන් පැහැය වන තෙක් තබා බේ කොළ,එනසල්,කරාබු නැටි,කුරුදු ,සුදුරු,කොත්තමල්ලි කුඩු,ලුනු කුඩු,ගම්මිරිස්,ඉගුරු දා විනාඩි 1ක් පමණ බැද ගන්න.
                                                     
2. ඉන් පසු තක්කාලි සෝස් හා චිකන් කියුබ් එක් කර හොදින් කවලම් කර මද ගින්නේ තබන්න.පසු කකුල් මස් එක් කර හොදින් කවලම් කර විනාඩි 1ක් පමණ තබන්න.කුකුල් මස් මට්ටමට වතුර එක් කර බදුන වසා මද ගින්නේ විනාඩි 25ක් පමණ පිස ගන්න.පසු එම භාජනයේ ඇති කුකුල් මස් පමණක් ඉවතට ගෙන එම බදුනටම   සහල් ,සුල්තානා,හා කජු එක් කර අවශ්‍ය නම් පමණක් වතුර එක් කර බත සදා ගන්න.
                        3. ඉවතට ගත් කුකුල් මස් අවන් එකකට දමා මද වේලාවක් රන් වන් පැහැය වන තෙක් තබා ඉවතට ගන්න.





චිකන්  ශවර්මා


අවශ්‍ය අමුද්‍රව්‍ය 


කුකුල් මස් ( Breast ) 2

මුදවපු කිරි ( පිරිසි කෝප ) 1

දෙහි යුෂ තේ හැදි 2

පාස්ලි තේ හැදි 3(සිහින්ව කපාගත්)

ලුණු කුඩු තේ හැදි 1/2

රතු ගම්මිරිස්( Paprika)තේ හැදි 1/4

ඉගුරු (සිහින්ව කපාගත්) තේ හැදි 1/4

සුදුළුණු බික් 5 (සිහින්ව කපාගත්) 

අරාබික් රොටි

පිපිඤ්ඤා 1

බි ළුණු 2

සළාද කොල 2ක්


සෝස් (Sauce)සාදා ගැනීමට අවශ්‍ය ද්‍රවය

තහිනා පේස්ට් ( පිරිසි කෝප ) 1/2

සුදුළුණු බික්  2 ( සිහින්ව කපාගත්)

මුදවපු කිරි තේ හැදි 4

දෙහි යුෂ තේ හැදි 1/2


සාදාගන්නා ආකාරය


පළමුව බාජනයක් ගෙන මුදවපු කිරි , ලුනුකුඩු , සුදුළුණු , ඉගුරු , රතු ගම්මිරිස් ( Paprika) හා කපා ගත් කුකුල් මස් හොදින් කවලම් කරගන්න.පැය 3ක් පාමන ශිතකරනයක තබන්න.

බාජනයක් ගෙන එයට තහිනා පේස්ට්,සුදුළුණු ,මුදවපු කිරි ,දෙහි යුෂ එක්කර හොදින් කවලම් කර වෙනම තියන්න.

දැන් අපි සාදාගත් කුකුල් මස් ටික පිසගමු.බදුනක් ගෙන ලිප මත තබා එයට ඔලිවූ තෙල් දමා රත් වූ පසු කුකුල් මස් එක්කර ගන්න.මදගින්නේ විනාඩි 10 පමන පිසගෙන බදුන ඉවත් කරන්න.

අරබික් රොටියක් ගෙන රත් කරගන්න.රොටිය උඩින් ඔබ සදාගත් සෝස් තවරා ගන්න.සලාද කොල,පිපිඤ්ඤා,ළුණු,තත්කාලී එක තට්ටුවකට තබා එයමත කුකුල් මස් දමා රොටිය ඔතා ගන්න. 


සැ.කරුනු


  • කුකුල් මස් කපාගන්නා විට එය දිග අතට කපා මැදින් කපාගන්න. 

  • අරාබි රොටි හා  ත්හීනා සෝස් වෙළද පොලින් ලබාගත හැක.

  • ත්හීනා වෙනුවට මයෝනිස් බාවිතා කරන්න පුළුවන්.