Rasa Madura

Showing posts with label ඉන්දියානු ආහාර වට්ටෝරු. Show all posts
Showing posts with label ඉන්දියානු ආහාර වට්ටෝරු. Show all posts
ඉට්ලි


              
අවශ්‍ය ද්‍රව්‍ය

උළුදු කෝප්ප 01

බේකින් පවුඩර් තේ හැදී 1/2

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සහල් කෝප්ප 02


සාදාගන්නා අකාරය 


උළුදු හා සහල් පැය 6ක් පමණ වෙන වෙනම ගෙන හොදින් පොගවා ගන්න.පොගවන ලද උළුදු,වතුර මිශ්‍ර කරමින් ක්‍රමයෙන් පිටි සහල් පිටි අතින් කවලම් කොට හොදින් මිශ්‍ර කර ගන්න.ඒවා වායු බුබුළු පිට වන තෙක් එසේ කරන්න.අවශ්‍ය පමණට ලුණු මිශ්‍ර කරන්න.වතුර ස්වල්පයකට තේ හැදී 1/2 ක පමණ බේකින් පවුඩර් කවලම් කර එයට එකතු කරන්න.හොදින් පැසී නියම තත්වයට ඒමට එක් රැයක් තබන්න.ඉට්ලි අච්චුවල තෙල් ස්වල්පයක් තවරා අච්චුවේ බාගයක් පමණ වන සේ මිශ්‍රණයෙන් වක් කර එය ස්ටීම් කර ගන්න.(හුමාලයෙන් තම්බා ගන්න.)ස්ටීම් කරන අතරතුර කුරකින් ඇන තැම්බි ඇද්දයි බලන්න.මෙය චට්නි,සාම්බාර්,කඩල ව්‍යංජන සමග උණුවෙන් ආහාරයට ගත හැකිය.
චිකන් ටික්කා 


අවශ්‍ය ද්‍රව්‍ය 


තක්කාලි 800gm (සිහින්ව කපාගන්න)

ගා ගත් පොල් 400g( දිය කර ගන්න)

මසාලා කුඩු මේස හැදී 2

තුනපහ කුඩු මේස හැදී 2

සිනි මේස හැදී 2

ලුනු කුඩු තේ හැදී 2

මිරිස් කරල් 1 (අවශ්‍ය නම් පමණක් )


   සාදාගන්නා ආකාරය


පළමුව සාමාන්‍ය බදුනක් ගෙන තෙල් දා රත් කර කපා ගත් කුකුල් මස් එක් කර විනාඩි 6ක් පමණ බැද ගන්න.ඉන් පසු   බදුන ලිපෙන් ඉවත් කර කුකුල් මස්වල ඇති තෙල් පෙරෙන්න තබන්න.නැවතත් බදුනක් ගෙන රත් කර තක්කාලි හා කුකුල් මස් එකතු කර මද ගින්නේ පිසගන්න.පසු පොල් කිරි,තුනපහ,මසාල කුඩු ,සිනි,ලුනු එකතු කර හොදින් කවලම් කර විනාඩි 25ක් පමණ තබා ලිපෙන් ඉවත් කරන්න.
ඉස්සෝ මසාලා



අවශ්‍ය අමුද්‍රව්‍ය

ඉස්සන්  1kg

ළුණු ගෙඩි 05

තක්කාලි 3

ඉගුරු/සුදුළුනු තේ හැදී 2.5(අබරා ගත්)

මිරිස් කුඩු තේ හැදී 2

කහ කුඩු තේ හැදී 1

කොත්තමල්ලි කුඩු තේ හැදී 1

මසාලා කුඩු තේ හැදී 1/2

කරපිංචා අතු 2ක්

දෙහි යුෂ තේ හැදී 2

අබ තේ හැදී 1/2

ලුනු අවශ්‍ය ප්‍රමාණයට

වතුර කෝප්ප 1/2

සාදාගන්නා ආකාරය 


1. ඉස්සන් සුද්ද කර හොදින් සෝදා ලුනු සමග මිශ්‍ර කර මද වේලාවක් තබන්න.භාජනයක් ගෙන එයට ඉස්සන් දා මිරිස් කුඩු,ඉගුරු/සුදුළුණු මිශ්‍රනය,කහකුඩු  ,දෙහි දා හොදින් කවලම් කර විනාඩි 20ක් පමණ පැත්තකින් තබන්න

2.බදුනක් ගෙන තෙල් දා රත් කර අබ,ලුනු එක් කර රන් වන් පැහැය වන තෙක් තබා කොත්තමල්ලි කුඩු ,මසාලා කුඩු ,මිරිස්,කරපිංචා,තක්කාලි දා විනාඩි 3-4 පමණ පිසගන්න.

3. පසු ඉස්සන් එක් කර හොදින් කවලම් කර මද ගින්නේ විනාඩි 5ක් පිසගෙන  වතුර හා අවශ්‍ය ප්‍රමාණයට ලුනු දා ඉදෙන්න හරින්න.
බීෆ් මැඩිරාස්



අවශ්‍ය ද්‍රව්‍ය

හරක් මස් 900g

පොල් තෙල් මේස හැදි 3

B ලුණු ගෙඩි 2(සිහින් ව කපා ගන්න )

කරාබු නැටි 4

අමුමිරිස් කරල් 2 ( සිහින්ව ව කපාගන්න )

2.5 cm දිග ඉගුරු කැබැල්ලක්( සිහින්ව කපාගන්න)chopped

සුදුළුණු බික් 3ක් (සිහින් ව කපාගන්න)chopped

රෙඩ් මේඩ් කරි පේස්ට් මේස හැදි 2

කොත්තමල්ලි කුඩු තේ හැදි 2

සුදුරු කුඩු තේ හැදි 1

ලුණු (අවශ්‍ය ප්‍රමාණය)

හරක් මස් තම්බා ගන්නා වතුර 150ml (beef stock)


සාදාගන්නා ක්‍රමය

1. පළමුව හොදින් කැපෙන පිහියක් ගෙන හරක් මස් සුද්ද කර 2.5cm කැබලි වලට කපාගන්න.කපා ගන්නා විට ඉවත් වෙන හරක් මස් ටික හොදින් සොදා  බදුනක් දා එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කර තම්බා ගන්න.ඉන් පසු  එය හොදින් පෙරා  ගන තම්බා ගත් වතුර පැත්තකින් තබන්න.

2.බදුනක් ගෙන තෙල් දා රත් කර ළුණු,කරාබු,එනසල් එකතු කර විනාඩි 2ක් පමණ තබන්න.ඉන්පසු අමුමිරිස්,ඉගුරු,සුදුළුණු,වියලි මිරිස් දා තවත් විනාඩි 2ක් පමණ පිසගන්න.

3.කරි පේස්ට් එක් කර හොදින් කවලම් කර විනාඩි 3ක් පමණ තබන්න.පසුව කපාගත් හරක් මස් එක් කර හොදින් කවලම් කර විනාඩි විනාඩි 5 තබන්න.එවිට මස් දුඹුරු පැහැ ගත් විට කොත්තමල්ලි කුඩු,සුදුරු කුඩු,ලුණු හා පැත්තකින් තබා ගත් හරක් මස් තම්බා ගත් වතුරද( beef stock ) එකතු කර පැයක් පමණ තබා ලිපෙන් ඉවත් කරන්න.

වැදගත් කරුණු 


  • කරි පේස්ට් ( curry paste ) වෙළද පොලෙන් ලබා ගත හැකිය.
ඉන්දියානු ආහාර අපේ සංස්කෘතියට ගැලපෙන පරිදි පහසුවෙන් හා රසවත්ව සාදාගැනීමට එක්වන්න.

තන්දූරි චිකන්





අවශ්‍ය ද්‍රවය

ලුණු කුඩු මේස හැදි  1 1/2

මුදවපු කිරි (plain yogurt ) මේස හැදි 6

ඉගුරු කැබැල්ලක්

සුදුළුණු  ගෙඩි 1

ගම්මිරිස් කුඩු තේ හැදි  1/2

දෙහි යුෂ මේස හැදි 2

මිරිස්කුඩු තේ හැදි 2  1/2

සුදුරු කුඩු මේස හැදි 1

තුනපහ කුඩු තේ හැදි  1/2

කොත්තමල්ලි කුඩු තේ හැදි  1/2

කහකුඩු ( ස්වල්පයක්)

රතුපාට වර්ණක( ස්වල්පයක්)

කුකුල් මස් ගාත(CHICKEN LEG) 6

සාදාගන්නා ආකාරය


  1. පළමුව කුකුල් මස් සුද්ද කර ගන්න.කුකුල් මස් වල තැනින් තැන කපා ගන්න.(ඉක්මනින් පිසෙන නිසා හා  හොදින් ලුණු,මිරිස් උරාගන්නා නිසා )                                                                                                                                                      
  2. මිරිස්කුඩු තේ හැන්දක් ,දෙහි යුෂ මේස හැදි 1ක් ,ලුණු කුඩු මේස හැදි 1ක්  භාජනයකට දා හොදින් කවලම්  කර කුකුල් මස් වල හොදින් තවරා පැය භාගයක් පමණ පැත්තකින් තබන්න.
  3. වෙනත් භාජනයක් ගෙන එයට මුදවපු කිරි,ලුණු කුඩු,දෙහි යුෂ,ගම්මිරිස් කුඩු,කහ කුඩු ස්වල්පයක්,කොත්තමල්ලි කුඩු ,තුනපහ කුඩු,සුදුරු කුඩු,මිරිස්කුඩු,ඉගුරු-සුදුළුණු පේස්ට් එකතු කර හොදින් කවලම් කර පසු රතු වර්ණකය එකතු කර හොදින් කවලම් කර ඉහත සාදාගත් කුකුල් මස් මෙම මිශ්‍රනයට දමා හොදින් තවරා ගන්න.
  4. කැරට්,ලීක්ස්,සැල්දරි කැබලි වලට කපා තැටියක තැනින් තැන අසුරා කුකුල් මස් එය මත අසුරා විනාඩි
    20-25අතර 250 c අවන් එකක තබන්න.


වැදගත් කරුණු

  • ඉගුරු සුදුළුණු බේලන්ඩ් කරන්න.


  
නිවසේදීම ඉතා පහසුවෙන්ම සාදාගැනීමට හැකි ඉන්දියානු ආහාරයකි.සැර නැති එහෙත් ඉතාමත් රසවත් ආහාරයකි.ඔබ කැමැති ද ඉන්දියානු ආහාරයක් පිසීමට.එන්න අපහා එක් වන්න.


චිකන් කුර්මා




අවශ්‍ය ද්‍රවය

බටර් තේ හැදි  3

බි ළුණු ගෙඩි   2 (ඉතා සිහින්ව කපාගත්.chopped )

මුදවපු කිරි මේසහැදි  6 (curd )

අඹ චට්නි තේ හැදි 2

සුදුළුණු බික්  4 ( තලාගත්.bland )

කහකුඩු තේ හැදි  2

මිරිස්කුඩු තේ හැදි 1

තුනපහ  තේ හැදි  2

ලුණු කුඩු තේ හැදි 1

 කුකුල් මස් කලව ( Breast ) 4

කජු (blander කරගත් )කෝප්ප 1/3



සාදාගන්නා ආකාරය

පළමුව බදුනක් ගෙන රත් වෙන්න තබා බටර් එකතු කරාගන්න.රත් වූ පසු සුදුළුණු,ළුණු එකතු කර රන්වන් පැහැය වනතෙක් තබා කහකුඩු,තුනපහ කුඩු,මිරිස්කුඩු,අඹ චට්නි  දා  කවලම් කරාගන්න.ඊට පසුව කපාගත් කුකුල් මස් එකතු කර හොදින් කවලම් කරන්න.මුදවපු කිරි,ලුණු කුඩු   එකතු කරගන්න.කුකුල් මස් භාගෙට ඉදුන පසු කජු තලපය දා කවලම් කරාගන්න.තව මද වේලාවක් තබා බදුන ඉවතට ගන්න. 


වදගත් කරුණු 

  • කජු මදවේලාවක් වතුරේ පොගාගන්න.ඉන් පසු අභරා හෝ blander කරගන්න.
  • කටු ඉවත් කරගත් කුකුල් මස් පොඩ් කොටුවලට කපාගන්න
  • අඹ චට්නි blander කරා ගන්න.


ඔබ කැමතිද ඉතා රසවත් ඉන්දියානු  ආහාරයක් පිසගැනිමට .එන්න අපහා සමග එක්වන්න.

බටර් චිකන් 




අවශ්‍ය ද්‍රවය

එළවළු තෙල් කොප්ප 1/4


සිහින්ව කපාගත් ළුණු ගෙඩි 1 1/4


සුදුළුණු (සිහින් ව කපාගත්) බික් 03


වතුර මෙසහැදී 2


තක්කලි 8(ඉතා සිහින් ව කපාගත් )


ලුණු (ඔබට ඇති පමණ )


ගරම් මසාලා තේ හැදි 2


මිරිස්කුඩු තේ හැදි 1


නැවුම් කිරි (Fresh Cream) කප් 1/2


බටර් 1/4 කප් 


කුකුල් මස් කලව (Chicken Breast ) 4



සාදන ආකාරය 


පළමුව ඔබට සුදුසු බදුනක් ගෙන රත් කරන්න .ඉන් පසු සුදුළුණු , ළුණු එකතු කර රන්වන් පැහැය වෙන තෙක් තබා තත්කාලී ද එක්කර හොදින් කවලම් කර ගන්න.විනාඩ් 3ක් තබන්න.ගරම්මසාලා ,මිරිස්කුඩු  එක්කර කවලම් කර මද වේලාවකින් පසු කුකුල් මස් හා වතුර  එකතු කර(බදුන ආවරණය කර ) විනාඩි 15 පිසගන්න.පසු නැවුම් කිරි ( fresh cream ) දමා විනාඩි 5ක් තබා බදුන ලිපෙන් ඉවත් කරන්න. 


බල්ටි චිකන්



අවශ්‍ය ද්‍රවය

බඩඉරිගු තෙල් තේ හදි  3

බි ළුණු  3

තත්කාලී  3

කුරුදු පොතු පොඩි කැබලි  1

එනසල් ඈට  3

ගම්මිරිස් ඇට 4

සුදුරු තේ හැදි  1/2

ඉගූරු තේ හැදි 1( සිහින්ව කපාගත් )

සුදුළුණු  තේ හැදි 1(සිහින්ව කපාගත් )

ලුණු කුඩු තේ හැදි 1

කුකුල් මස් කැබලි 8

මුදවපු කිරි තේ හැදි 2

දෙහි යුෂ තේ හැදි 4

කොත්තමල්ලි කොල තේ හැදි 2 ( සිහින්ව කපාගත් )

කොල මිරිස් කරල් 2 (සිහින්ව කපාගත් )


සාදන ක්‍රමය

බාජනයකට තෙල් දමා රත් කරගන්න.එයට ළුණු එක් කර මදගින්නේ රන්වන් පැහැයවන තෙක් තබා තක්කාලි    එකතු කර හොදින් කවලම් කරන්න.ඉන් පසු කුරුදු , එනසල් , ගම්මිරිස් , ඉගුරු , සුදුළුණු , සුදුරු , නුනපහ ,මිරිස්කුඩු ,ළුණු කුඩු(අවශ්‍ය ප්‍රමාණයට ) මෙම සියල්ල එකතු කර මදගින්නේ මිනිත්තු 3-4 පිසගන්න.දැන් කුකුල් මස් ටික එක එක එකතු කර මිනිත්තු 7 කින් මුදවපු කිරි දමා හොදින් කවලම් කර වසා ගන්න .මදගින්නේ විනාඩ් 15ක් තබන්න.( ග්‍රේවී නැත හොත් මුදවපු කිරි ස්වල් පයක් එක්කරන්න)අන්තිමේදී කොත්තමල්ලි,දෙහි යුෂ එක්කර පසු ලිපෙන් ඉවත් කරගන්න .

 පරිප්පු සුප්


අවශ්‍ය ද්‍රවය

පරිප්පු  200 ග්‍රෑම්

කහකුඩු තේ හැදි  1

සුදුරු  තේ හැදි  1

ළුණු  ගෙඩි 1

සුදු ළුණු 10 ගෑම්

බි ළුණු 50 ගෑම්

ලීක්ස් දණ්ඩ 30 ගෑම්

සැල්දරි 10 ගෑම්

වතුර හෝ ස්ටොක් වර්ගයක් ( එළවළු, කුකුල් මස්  තම්බාගත් වතුර)

සාදන ක්‍රමය

බාජනයට බටර් හෝ තෙල් දමා රත් වූ පසු  එයට සුදුලූනු,බි ළුණු එක් කරගන්න.රන් පැහැය වූ  පසු සුදුරු, කැරට්, සල්දරි සහ කහකුඩු එකතු කර මිනිත්තු 3ක් පාමන මදගින්නේ පිසගන්න.ඉන්පසු සෝදාගත් පරිප්පු එක් කර හොදින් කවලම් කරන්න.ඔබ සාදාගත් ස්ටොක් හෝ වතුර දමා නැවතත්  කවලම් කරන්න.පරිප්පු දියවන තෙක් පිසගන්න.අවසානයේදී  හදාගත් සුප් එක බ්ලෙන්ඩර කරගන්න.