බීෆ් මැඩිරාස්
අවශ්‍ය ද්‍රව්‍ය
හරක් මස් 900g
පොල් තෙල් මේස හැදි 3
B ලුණු ගෙඩි 2(සිහින් ව කපා ගන්න )
කරාබු නැටි 4
අමුමිරිස් කරල් 2 ( සිහින්ව ව කපාගන්න )
2.5 cm දිග ඉගුරු කැබැල්ලක්( සිහින්ව කපාගන්න)chopped
සුදුළුණු බික් 3ක් (සිහින් ව කපාගන්න)chopped
රෙඩ් මේඩ් කරි පේස්ට් මේස හැදි 2
කොත්තමල්ලි කුඩු තේ හැදි 2
සුදුරු කුඩු තේ හැදි 1
ලුණු (අවශ්‍ය ප්‍රමාණය)
හරක් මස් තම්බා ගන්නා වතුර 150ml (beef stock)
සාදාගන්නා ක්‍රමය
1. පළමුව හොදින් කැපෙන පිහියක් ගෙන හරක් මස් සුද්ද කර 2.5cm කැබලි වලට කපාගන්න.කපා ගන්නා විට ඉවත් වෙන හරක් මස් ටික හොදින් සොදා බදුනක් දා එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කර තම්බා ගන්න.ඉන් පසු එය හොදින් පෙරා ගන තම්බා ගත් වතුර පැත්තකින් තබන්න.
2.බදුනක් ගෙන තෙල් දා රත් කර ළුණු,කරාබු,එනසල් එකතු කර විනාඩි 2ක් පමණ තබන්න.ඉන්පසු අමුමිරිස්,ඉගුරු,සුදුළුණු,වියලි මිරිස් දා තවත් විනාඩි 2ක් පමණ පිසගන්න.
3.කරි පේස්ට් එක් කර හොදින් කවලම් කර විනාඩි 3ක් පමණ තබන්න.පසුව කපාගත් හරක් මස් එක් කර හොදින් කවලම් කර විනාඩි විනාඩි 5 තබන්න.එවිට මස් දුඹුරු පැහැ ගත් විට කොත්තමල්ලි කුඩු,සුදුරු කුඩු,ලුණු හා පැත්තකින් තබා ගත් හරක් මස් තම්බා ගත් වතුරද( beef stock ) එකතු කර පැයක් පමණ තබා ලිපෙන් ඉවත් කරන්න.
වැදගත් කරුණු
- කරි පේස්ට් ( curry paste ) වෙළද පොලෙන් ලබා ගත හැකිය.
0 comments:
Post a Comment