කකුළු වීයංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
කකුළුවන් 5ක්
B ළුණු (සිහින්ව දිග අතට කපා ගන්න )
සුදුළුනු (සිහින්ව කපාගන්න)
කරපිංචා (කිහිපයක්)
රම්පේ කැබැල්ලක්
මිරිස් කරල් 2ක් ( පොඩිවට කපාගන්න )
කහ කුඩු තේ හැදී 1ක්
මිරිස් කුඩු තේ හැදී 1 1/2
තුනපහ කුඩු තේ හැදී 2
වතුර කෝප්ප 1/4
පොල් කිරි කෝප්ප 1/2
ලුනු අවශ්‍ය ප්‍රමාණයට
සේර ( ස්වල්පයක්)
සාදාගන්නා ආකාරය
1.පළමුව කකුළුවන් සුද්ද කර කපා හොදින් සෝදා ගන්න.ඉන් පසු ලුණු හා දෙහි එක් කර හොදින් කවලම් කර විනාඩි 5ක් පමණ පැත්තකින් තබන්න.(සීසන් වෙන්න තබන්න)
2.බදුනක් ගෙන තෙල් දා රත් කර සුදුළුනු,ළුණු එකතු කර රන් වන් පැහැය වූ විට කරපිංචා,රම්පේ,සේර,මිරිස් එක් කර මද වේලාවක් තබා වතුර,මිරිස් කුඩු,තුනපහ එක් හොදින් කවලම් කරන්න.ඉන් පසු කකුළුවන් හා පොල් කිරි එක් කර කවලම් කරන්න.හොදින් කකුළුවන් පිසෙන තෙක් තබා ලිපෙන් ඉවත් කරන්න.
0 comments:
Post a Comment