සෞදි අරාබියේ ප්‍රධාන ආහාරයක් වන කබ්සා අරාබික් රටවල් වල ඉතා ජනප්‍රිය ආහාරයකි,කුළුබඩු විශාල ප්‍රමාණයක් එක් කර සාදාගන්නා රසවත් ආහාරයකි.සැම ගෙදරකම පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි.මම විශ්වාස කරනවා ඔබ මෙය රස විදිය කියා.
කබ්සා රයිස්
කුකුල් මස් කැබලි 8
තෙල් මේස හැදී 2
බේ කොළ 2ක්
චිකන් කියුබ් 1ක්
B ළුණු 1ක් (දිග අතට කගන්න.)
සුදුළුනු බික් 2ක් (සිහින් ව කපාගෙන)
එනසල් ඇට 5
කරාබු ඇට 4
කුරුදු කැබලි 2ක්
සුදුරු තේ හැදී 1
කොත්තමල්ලි කුඩු තේ හැදී 1
ලුනු තේ හැදී 1ක්
ගම්මිරිස් තේ හැදී 1
තක්කාලි සෝස් 15ozs
සුල්තානා (ස්වල්පයක් )
කජු (ස්වල්පයක් )
1. බදුනක් ගෙන තෙල් එකතු කර මදගින්නේ රත් කර ළුණු,සුදුළුනු,රන් වන් පැහැය වන තෙක් තබා බේ කොළ,එනසල්,කරාබු නැටි,කුරුදු ,සුදුරු,කොත්තමල්ලි කුඩු,ලුනු කුඩු,ගම්මිරිස්,ඉගුරු දා විනාඩි 1ක් පමණ බැද ගන්න.
2. ඉන් පසු තක්කාලි සෝස් හා චිකන් කියුබ් එක් කර හොදින් කවලම් කර මද ගින්නේ තබන්න.පසු කකුල් මස් එක් කර හොදින් කවලම් කර විනාඩි 1ක් පමණ තබන්න.කුකුල් මස් මට්ටමට වතුර එක් කර බදුන වසා මද ගින්නේ විනාඩි 25ක් පමණ පිස ගන්න.පසු එම භාජනයේ ඇති කුකුල් මස් පමණක් ඉවතට ගෙන එම බදුනටම සහල් ,සුල්තානා,හා කජු එක් කර අවශ්‍ය නම් පමණක් වතුර එක් කර බත සදා ගන්න.
3. ඉවතට ගත් කුකුල් මස් අවන් එකකට දමා මද වේලාවක් රන් වන් පැහැය වන තෙක් තබා ඉවතට ගන්න.
0 comments:
Post a Comment