Rasa Madura

SRI LANKAN STYLE FISH STEW (ශ‍්‍රී ලංකන් ස්ටයිල් ෆිෂ් ස්ටු)

0
අද මම ඔබට ගෙන ආ වේ අපට ගැලපෙන රසවත් මාළු ස්ටු එකක් සාදාගන්න විදිහ.එන්න ඔබත් සදා ගැනීමට කැමති ද .....?



ශ‍්‍රී ලංකන් ස්ටයිල් ෆිෂ් ස්ටු(SRI LANKAN STYLE FISH STEW)




අවශ්‍ය ද්‍රවය


මාළු පෙති 2

දෙහි යුෂ මේස හැදි 1

වතුර කෝප්ප 1/8

කහ ( ස්වල්පයක් )

අබ ක්‍රම් (MUSTARD CREAM)  තේ හැදි 1/4

සුදුළුණු  බික්  3(සිහින් ව කපාගන්න)chopped 

ඉගුරු  (පොඩි කැබැල්ලක් )

සේර  (පොඩි කැබැල්ලක් )

රම්පේ

B ලුණු ගෙඩි  2

කරපිංචා

තක්කාලි ගෙඩි  2

මාළුමිරිස් කරල්  2

අමුමිරිස් කරල්  3

අබ තේ හැදි  1/4

කුරුදු කැබැල්ලක්

එනසල් ඇට  3

කරාබු ඇට  3

සියඹලා මේස හැදි   1( දියකර ගන්න)

කැලි මිරිස් තේ හැදි  2

ලුණු  කුඩු තේ හැදි  2


සාදාගන්නා ආකාරය


පළමුව මාළු පෙති කොටුවට කපා ගන්න.ලුණු කුඩු,ගම්මිරිස් කුඩු,දෙහි යුෂ,අබ පේස්ට්(MUSTARD CREAM)එකතු කර කපාගත් මාළු සමග මිශ්‍ර කර විනාඩි 15ක් පමණ පැත්තකින් තබන්න.ඉන් පසු පැතලි තාක්චියක්  (shallow pan) ගෙන බටර් හෝ තෙල් එකතු කර රත් කර ගන්න.ඉන්පසු අබ,කුරුදු,එනසල්ඇට,ඉගුරු,සුදුළුණු,රම්පේ,කරපිංචා,සේර මෙම සියලු දෑ පිලිවෙලින් එකතු කර විනාඩි 2-3 පිස ගෙන සාදා ගත්  මාළු එකින් එක සෙමින් එකතු කර විනාඩි 2ක් තබා එම මාළු පැත්ත මාරු කර තවත් විනාඩි 2ක් පිස ගන්න.ඉන් පසු මාළු තාච්චියේ පිටු පසට කර සිවුම් කොටුවට කපාගත් B ළුණු හා තක්කලි,ලුනු කුඩු ,කැලි මිරිස් දමා විනාඩි 2ක් පමණ තබා පැත්තකට කරගත් මාළු සමග මිශ්‍ර කර වතුර එක් කර සෙමින් කවලම් කර සියඹලා දා විනාඩි 3ක් පමණ තබන්න.ඉන් පසු කොටුවට කපා ගත් ළුණු,තක්කලි,මාළුමිරිස්,එක් කර කහකුඩු,ලුනු එක්කර හොදින් කවලම් කර විනාඩි 3ක් පමණ තබා ලිපෙන් ඉවත් කර ගන්න.  

වැදගත් කරුණු


  • B ළුණු හා තක්කලි වෙන වෙනම එක ගෙඩියක් සිවුම් කොටුවලට(chopped ),අනික් ගෙඩිය මදක් විශාල කොටුවලට(chunk) කපා ගන්න.
  • මාළුමිරිස් කරල් 2ට මැදින් කපා ගන්න.
  • අමුමිරිස් කරල් දෙකට මැදින් කපාගන්න.

0 comments:

Post a Comment