නිවිතිය සුප් ( SPINACH SOUP )
අවශ්‍ය ද්‍රවය
බටර් 20g
B ළුණු ගෙඩි 2(සිහින් ව කපාගන්න )
සුදුළුණු බික් 3(සිහින් ව කපාගන්න )
1.25 L කුකුල් මස් තම්බා ගන්නා වතුර (stock)
නිවිතිය කොල 300g
දෙහි යුෂ මේස හැදි 1
ක්‍රම් (cream ) මේස හැදි 4
අල ගෙඩි 2ක් (සිහින් ව කපාගන්න)
සාදාගන්නා ආකාරය
බදුනක් ගෙන රත් කර බටර් එක් කර B ළුණු,සුදුළුණු ද රන්වන් පැහැය වන තෙක් තබා කපාගත් අල එකතු කර විනාඩි 3ක් පිස ගන්නා අතර තුර හොදින් කවලම් කරන්න.පසුව තම්බා ගත් කුකුල් මස් වතුර (chicken stock) එකතු කර හොදින් රත් කර විනාඩි 10 තියා පසු නිවිතිය කොල එක කර කවලම් කර නැවතත් විනාඩි 10 පිසගන්න.ඉන් පසු ගින්දර නිවා මදක් නිවෙන්න හරින්න.නිවුන පසු මෙය BLANDER කර ගන්න.නැවතත් බදුනක් ගෙන එය රත් වූ විට BLAND කරගත් මිශ්‍රනය දමා රත්කර ලුනුකුඩු ,දෙහි යුෂ,CREAM එකතු කර ගන්න.අවසානයේ විනාඩි 2-3 රත් කර ලිපෙන් ඉවත් කරන්න.
0 comments:
Post a Comment