කොකිස්
අවශ්‍ය ද්‍රවය
කැකුළු හාල් 1 kg
බිත්තර 1
පොල් ගෙඩි 2
කහකුඩු තේ හැදී 1
ලුණු (අවශ්‍ය ප්‍රමාණයට )
කරපිංචා ස්වල්පයක්(පොඩිවට කපාගන්න )
සාදාගන්නා ආකාරය
පළමුව කැකුළු හාල් පැය 3 1/2ක් පමණ පොගවා තබන්න.ඉන් පසු වතුර හොදින් ඉවත් කර කොටා හලා ගන්න.භාජනයක් ගෙන එයට බිත්තර,පොල්කිරි,ලුණු,කහ දා හොදින් මිශ්‍ර කරගන්න.ඔබ සාදාගත් මිශ්‍රනය පිටි වලට දමමින් කැටි ඉතිරි නොවන සේ හොදින් දිය කර ගන්න.එය පැයක් පමණ වසා පැත්තකින් තබන්න.තෙල් තාච්චියක් හෝ වෙනත් භාජනයක් ගෙන එයට තෙල් දමා රත් කර ගන්න.ඉන් පසු කොකිස් අච්චුව රත් වූ තෙල් මත තබා හොදින් රත් වූ විට ඔබ සාදාගත් මිශ්‍රනයේ බහා එය තෙලේ බැදගන්න.
වැදගත් කරුණු
- කොකිස් අච්චුව පිටි මිශ්‍රණයේ බහාලන විට එහි උඩ මතුපිට වැසි නොයන සේ කළ යුතුය.නැතහොත් ගැල වීමට අපහසු විය හැකිය.
- කොකිස් ගැලවීම සදහා හැදි කුරක් භාවිතා කළ හැක.
0 comments:
Post a Comment