අවුරුද්දට අවුරුදු කෑම සාදාගැනීමට පිවිසෙන්න ලංකාවේ එකම සිංහල වෙබ්අඩවිය රසමැදුර
වැලි තලප
අවශ්‍ය ද්‍රවය
කැකුළු සහල් 1 kg
පොල් ගෙඩි 2
සිනි 750g හෝ 1 kg
එනසල් ඇට 5(පොත්ත ඉවත් කර ඇට කුඩු කරාගන්න )
වැනිලා මේස හැදි 1
වතුර කප් 3
සාදාගන්නා ආකාරය
පළමුව සහල් පෙගෙන්න දා ඉන් පසුව පෙගෙන්න දා ගත් සහල් කොටා ගන්න.කොටා ගත් සහල් හොදින් හලා ගන්න .පසුව පොල් ඉතා සිහින් ව ගා ගන එයට ලුණු දමා කවලම් කර ගන්න.කොටා ගත් පිටි භජන යකට දමා පොල් ටික ටික එක් කර හොදින් මල් කර ගන්න.පසුව හුමාලයෙන් තම්බා (steam) ගන්න.තම්බා ගත් පිට්ටු වෙන් වෙන සේ කඩා එය පැත්තකින් තියන්න.භාජනයක් ලිපමත මත තබා රත් කර සිනි 25 g දා කළු කරාගන්න.පසු වතුර දමා කවලම් කර ඉතුරු සිනි ටික එකතු කරන්න.ටික වේලාවකට පසු පැණි ඉහලට ඔස වන කොට නුලක් වන තෙක් ඇදෙන තුරු රත් කරා ගන්න.පැණි වූ විට එයට වැනිලා,එනසල් එකතු කර තම්බා ගත් පිට්ටු දමා මදගින්නේ තලපයක් වන තෙක් මිශ්‍ර කරන්න.අවසානයේදි ලිපෙන් ඉවත් කර ලැල්ලක් මත තවරා ඔබට අවශ්‍ය ප්‍රමාණයට තුනී කර අවශ්‍ය හැඩයකට කපාගන්න.
0 comments:
Post a Comment