Rasa Madura

SRI LANKAN STYLE FRY CHILL I BEEF (ශී‍්‍ර ලංකන් ස්ටයිල් ප්‍රයිඩ් චිලි බීප් )

0
ශී‍්‍ර ලංකන් ස්ටයිල් ප්‍රයිඩ් චිලි බීප් 



පිළියල කර ගැනීමට ගතවන කාලය පැය 1.

අවශ්‍ය ද්‍රවය

හරක්මස් 1kg (පොඩි කැබලිවලට කපාගන්න)
අමු මිරිස් කරල් 4( පොඩ් වට කපාගන්න )
මාළුමිරිස් කරල් 3( තුනට කපාගන්න )
බි ළුණු ගෙඩි 3 (දිග අතට කපාගත්)
ඉගුරු තේ හැදි 1 (සිහින් ව කපාගත් )
සුදුළුණු තේ හැදි 2 (සිහින් ව කපාගත් )
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
විනාකිරි තේ හැදි 2
ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
තෙල් තේ හැදි 3
ගරම්මසාලා තේ හැදි 1


සාදාගන්නා ආකාරය

පොඩි කැබලි වලට කපාගත් හරක් මස් ඉතා හොදින් සොදා ගන්න.බදුනක් ලිපමත තබා එය තුලට වතුර එක් කර රත් වූ විට හරක්මස් දා තම්බා ගන්න.තම්බා ගත් පසු මස් පෙරා ගන්න.පෙරා ගන්නා වතුර පැත්තකින්
තබා ගන්න...අමුමිස් ,ඉගුරු ,සුදුළුණු ,කහකුඩු, ගම්මිරිස් කුඩු හා විනාකිරි සමග සියලු දෑ කවලම් කරාගන්න.බදුනකට තෙල් දමා රත් කර ළුණු එක් කර    දුබුරු පැහැ වූ පසු හරක් මස් ,මාළුමිරිස් දා කවලම් කරා ගන්න.අරන් තියාගත් වතුර ( stock ) එකතු කරන්න.අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරා ගන්න.මදගින්නේ මස් දුබුරු පැහැ  වනතෙක් තබා ලිපෙන් අයින් කරාගන්න.  

0 comments:

Post a Comment