Mexican Style Rice ( මැක්සිකන් ස්ටයිල් බත් )
මැක්සිකන් ස්ටයිල් බතක්
සිත් ගන්නා සුළු රතු මිරිස් මලින් හැඩ ගැන් වූ මැක්සිකානු බතක් ලාංකීය මේසය මත ඉතා පහසුවෙන් තබා ගැනීමට ඔබත් කැමැති නම් එන්න අපහා එක්වන.
අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා සහල් 350 ග්‍රෑම්
බි ළුණු 1
සුදුළුණු බික් 2
තත්කාලි 400 ග්‍රෑම්
ග්‍රීන් පීස් 175 ග්‍රෑම්
බඩඉරිගු තෙල් 60 මිලි ලීටර්
එළවළු තම්බා ගත් වතුර( stock) 900 මිලිලිටර්
ගම්මිරිස් කුඩු
ලුණු
රතුමිරිස් කරල් 4
සාදාගන්න ක්‍රමය
හොදින් පිරිසිදු කරගත් සහල් එළවලු තම්බා ගත් වතුරෙන් ( stock ) පිසගන්න .පසුව බදුනක් ගෙන ලිපමත මත තබා බඩඉරිගු තෙල් සුවල්පයක් එක්කර සිහින් ව කපාගත් සියල්ල රන් පැහැ වන තෙක් තබා එයට මුලින් ඔබ සාදාගත් බත් එකතු කර රන් වන් පැහැය වනතෙක් මද ගින්නේ පිසගන්න .
නැවත බදුනක් ගෙන එයට ඉරිගු තෙල් සුවල්පයක් එකතු කර ඉතා සිහින්ව කපාගත් තත්කාලී හෝ ( Tomato Puree) විනාඩ් 2-3 රත්
කර ගන්න.ඉහත සදාගත් බත් රත් කරාගත් Tomato Puree සමග මිශ්‍ර කරගන්න.Tomato Puree වල ඇති අදික උකුගතිය අඩුවන තුරු විනාඩි 15ක් පමන පිසගන්න.අවසානයේදී අවශ්‍ය ලුණු ප්‍රමාණය පරික්ෂාකර ලිපෙන් ඉවත් කරගන්න.පසුව පිළියෙල කරාගත් රතුමිරිස් මලින් සරසා ගන්න
විශේෂ කරුණු
බි ළුණු ,සුදුළුණු ඉතා සිහින්ව කපාගන්න.(Chopped )
සිහින්ව කපාගත් තත්කාලී හෝ Tomato Puree භාවිතා කර හැක.
0 comments:
Post a Comment