Rasa Madura

Kadala Wiyanjanaya ( කඩල ව්‍යංජනය )

0

කඩල ව්‍යංජනය



අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත්  කඩල ග්‍රෑම් 200 ක් පමන
සුදු ලුණු බික් 2
පොඩි බෝම්බයි ලුණු ගෙඩි 1 ක්
ඉගුරු ස්වල්පයක්
කොත්තමල්ලි කුඩු තේ හැදි 1ක්
සුදුරු කුඩු තේ හැදි  1/2
කහ තේ හදි 1/4
ගරම් මසාලා තේ හැදි 1/2
තක්කාලි පියුරි මේස හැදි 1 1/2 ක් පමන
තෙල් මේස හදි 2ක්
අවශ්‍ය ප්‍රමාණයට ලුනු

සාදන ක්‍රමය

සුදුළුණු සිහින් කපාගන්න.
බෝම්බයි ළුණු ගෙඩිය සිහින් වෙන්න කපාගන්න.
භාජනයක්  ලිපමත තබා තෙල් දමා රත් කරන්න.තෙල් රත් වූ පසු මෙයට ඉගුරු සුදුළුණු බොම්බයි ළුණු දමා දුබුරු පැහැ වනතුරු
බැදගන්න.
පසුව ගින්දර අඩු කර කොත්තමල්ලි කුඩු, සුදුරු කුඩු , කහකුඩු, මිරිස්කුඩු දමා තරමක දුබුරු පැහැ වනතුරු බැදාගන්න.(සාමාන්‍ය ගානට බැදගෙන තක්කාලි  ද  එකතු කරගන්න)
පසුව  මෙයට  තම්බා ගත්  කඩල ටික දමා  කවලම් කර ලුනූ හා වතුර ටිකක් එකතු කර  මදගින්නේ  මිනිත්තු 20  පමණ  පිසගන්න.

සැ: කරුණු    මෙයට  පොල් කිරි  දමා පිස ගත හැක.
 තක්කාලි යොදන්නේ නම් එය තුනපහ දමන්නට පෙර  තෙලට දමා ලුනු  සමග බැදගන්න.තැම්බූ කඩල  සුවල්පයක් හැන්දෙන්  පොඩ් කරගැනි මෙන් ව්‍යංජනය උකු කරගත හැක.


0 comments:

Post a Comment